ඩොලර් මිලියන 34 හොයාගන්න නෑ... ගල් අඟුරු නැව් ‌2ක් දවස් 6ක් තිස්සේ මුහුදේ... නොගත්තොත් රටම කලුවරේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 17, 2022

ඩොලර් මිලියන 34 හොයාගන්න නෑ... ගල් අඟුරු නැව් ‌2ක් දවස් 6ක් තිස්සේ මුහුදේ... නොගත්තොත් රටම කලුවරේ!

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.


No comments:

Post a Comment

Post Bottom Ad