“ගෝඨා පැන්නුවාට පස්සේ එතන ඉදගන්නේ කවුද ?” ඒක නිසා පෙරළන්න ඕන මේ සිස්ටම් එක – ජ’පුර සිසුන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 3, 2022

“ගෝඨා පැන්නුවාට පස්සේ එතන ඉදගන්නේ කවුද ?” ඒක නිසා පෙරළන්න ඕන මේ සිස්ටම් එක – ජ’පුර සිසුන්

ඉරිදා (3) සවස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නුදුරින් පිහිටි විජේරාම මංසන්ධියේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි. විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම විරෝධතාවයට ප්‍රදේශවාසීන් ද එක්ව සිටි අතර ඔවුන් විජේරාම මංසන්ධියට පැමිණි විට දැඩි ආරක්‍ෂක හමුදාවක් ද පැමිණ සිටියහ.

ඇඳිරි නීතිය නොතකා පාරට බැස රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සිය කෝපය ප්‍රකාශ කළ විරෝධතාකරුවන් ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් සිටියේය.

ඔවුන්ට ඉදිරියට යාමට අවසර නොලැබුණු නිසා ඔවුන් බාධකය ඉදිරිපිට සිටගෙන ගීත ගායනා කරමින් විරෝධතාවයක නිරත විය.

ඒ සමගම ප්‍රසිද්ධ කථිකාචාර්ය උපුල් ශාන්ත සන්නස්ගල හෙවත් ‘සන්නස්ගල සර්’ විජේරාම හන්දියට පැමිණ ආණ්ඩුවේ ක්‍රියා කලාපය හෙළා දුටුවේය.

විරෝධතාවයේ වීඩියෝ දර්ශන..


No comments:

Post a Comment

Post Bottom Ad