මිරිහානේ විරෝධතා අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ ප්‍රතිඵලයක්.. මතු පරපුර වෙනුවෙන් නැගී සිටිමු - සනත් ජයසූරිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 2, 2022

මිරිහානේ විරෝධතා අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ ප්‍රතිඵලයක්.. මතු පරපුර වෙනුවෙන් නැගී සිටිමු - සනත් ජයසූරිය

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක සහ සුපිරි ආරම්භක පිතිකරුවකු වූ සනත් ජයසූරිය අදහස් පල කරයි. සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මෙසේ කියා සිටී.

‘පසුගිය මාසය තුළ අපි ශ්‍රී ලංකිකයින් එක්ව නිහඬව දුක් වින්දෙමු. සෑම දෙයක්ම සහ සෑම කෙනෙකුටම බිඳෙන ලක්ෂ්‍යයක් ඇත. අපි ඒ තත්ත්වයට පැමිණ තිබෙනවා.ඊයේ උද්ඝෝෂණ අහිංසක මිනිසුන් පීඩාවට පත්කිරීමේ සහ අසාධාරණ පීඩනයේ ප්‍රතිඵලයක්.

කිසිවිටෙක ජාති ආගම් කුල භේදයෙන් හෝ පක්ෂ දේශපාලනයෙන් නොබෙදෙමු. අපි එක මිනිසුන් ලෙස එකතු වී අප වෙනුවෙන්, අපේ දරුවන් සහ මතු පරපුර වෙනුවෙන් නැගී සිටිමු.

#WakeUpSriLanka

එය අප ගැන මිස ඔවුන් ගැන නොවේ

සාමකාමීව උද්ඝෝෂණ කරන්න, පොදු දේපළවලට හානි නොකරන්න, කරුණාකර ඔබේ සහෝදර සහෝදරියන්ට හානියක් නොකරන්න. මේක කැරලි ගැසීමක් නොව නිවැරදි දේ අදහස් පල කිරීමක් පමණයි’


No comments:

Post a Comment

Post Bottom Ad