රඹුක්කනදී මරා දැමුණු ලක්ෂාන් අද අවසන් ගමනේ! ත්‍රිවිධ හමුදාවම අද සවස රඹුක්කනට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 21, 2022

රඹුක්කනදී මරා දැමුණු ලක්ෂාන් අද අවසන් ගමනේ! ත්‍රිවිධ හමුදාවම අද සවස රඹුක්කනට!

රඹුක්කන  විරෝධතාව පොලිසිය  විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී  මියගිය  කේ ඩී   චමින්ද  ලක්ෂාන්  මහතාගේ  අවසන් කටයුතු  අද (22)  සවස ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව  මැද සිදුකිරීමට නියමිතය.

මියගිය පුද්ගලයාගේ   අවසන් කටයුතු  දේවාලේගම පොලිස් වසමේ නාරම්බැද්ද, හිරිවඩුන්න  සුසානභූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

 මෙම දේහය  භූමදාන කරන තෙක්  එම  ප්‍රදේශයට  ත්‍රිවිධ  හමුදාව   යොදවා  සාමය අරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ  හමුදාවේ සහය ලබාදෙන  ලෙසට   පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව   මෙම ආරක්ෂාව ලබා  දී ඇති බව   පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඊයේ  (21) සිට හෙට  (23)  දින දක්වා  අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් කෑගල්ල   සහ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad