අපට හොඳ පිට කොන්දක් තියෙනවා... ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම් – ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 21, 2022

අපට හොඳ පිට කොන්දක් තියෙනවා... ආණ්ඩුවක් පිහිටුවන්න අපි සූදානම් – ෆොන්සේකා

මේ වන විට රට තුළ තිබෙන තත්ත්වය අනුව සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂය සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද (21) පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය.

“මගේ පුද්ගලික මතය..අපි විපක්ෂය හැටියට මේ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. අපිට ජනාධිපති ධූරය සහ අගමැති ධූරය ලැබෙනවා නම් අපි සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්න ලෑස්තියි. ඒ අභියෝගය භාර ගන්න අපිට පිටකොන්දක් තියෙන්නත් ඕනේ. රට අඳුරට වැටිලා තියෙන වෙලේ දේශපාලන ජිල්මාට් දාලා වැඩක් නෑ.

තාමත් පාර්ලිමේන්තුව තුළ රටේ උන්නතියට යමක් වෙලා නෑ. විපක්ෂය ලෙස අපි මේ අවස්ථාවේ අභියෝගයට මුහුණ දිය යුතුයි. කවදා භාර ගත්තත් විපක්ෂයට භාර ගන්න වෙන්නේ කඩාවැටුණු රටක්. අපේ රට බංකොළොත් කියලා අපි වක්‍රව වුණත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වෙලාවෙත් නොණ්ඩි ගහන ආණ්ඩුවක් හදලා තිබෙනවා. මේ වෙලාවේ මැච් එක ගහන්න B ටීම් ඒක එවලා තියෙන්නේ හෙන ගැහුවත් කමක් නෑ කියලා.”


No comments:

Post a Comment

Post Bottom Ad