ගෝල්ෆේස් විරෝධතා කරන්නේ කොළඹ හතේ උන් ටිකක්... ආණ්ඩුව පෙරලන මගුල් කෙලින්න එන්න එපා - සද්ධාතිස්ස හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 12, 2022

ගෝල්ෆේස් විරෝධතා කරන්නේ කොළඹ හතේ උන් ටිකක්... ආණ්ඩුව පෙරලන මගුල් කෙලින්න එන්න එපා - සද්ධාතිස්ස හිමි

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ දෙන්නේ ආණ්ඩුව පෙරළීමේ සැලසුමක් ඇතිව බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති. එම විරෝධතාවයේ යෙදෙන පිරිස් කොළඹ හතේ හොඳින් කා බී විනෝද වී ජොලි කරන පිරිසක් බව ද උන්වහන්සේ පවසති.

ආණ්ඩුව උවමනා නම් වසර පහකින් එන මැතිවරණයෙන් පරාජය කර බලය ලබාගන්නා ලෙසත් හොරපාරෙන් මඟුල් කෙළින්න ලෑස්ති නොවන ලෙසත් උන්වහන්සේ අනතුරු ඇඟවූහ.

වත්මන් රජයට සහාය පළ කරමින් සංඝරත්නනය ඇතුලු පිරිසක් විසින් සංවිධානය කරන ලද පා ගමනක් ආරම්භක අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad