ස්වාධීන වූ තවත් පිරිසක් පෝලිමේ! ඇමති ධුර ගන්න සූදානම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 12, 2022

ස්වාධීන වූ තවත් පිරිසක් පෝලිමේ! ඇමති ධුර ගන්න සූදානම්!

ආණ්ඩුට ලබාදුන් සහයෝගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ තවත් පිරිසකට අමාත්‍ය ධුර ලබා දීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ඉදිරි අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවේදී හෝ ඊට පෙර මෙම නව දිවුරුම් දීම සිදු කිරීමට නියමිතව ඇත.

මේ වන විටත් අදාළ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 ක පමණ පිරිසක් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව පසුගියදා නිවේදනය කරන ලදී.

එසේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර සහ ප්‍රියංකර ජයරත්න මහත්වරුන් නැවතත් අමාත්‍ය ධුර බාරගෙන සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad