පා ගමන කොළඹට එද්දී සජිත්ට සියල්ල නැතිවෙන ලකුණු... බැසිල් විපක්‍ෂ නායකකමට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 29, 2022

පා ගමන කොළඹට එද්දී සජිත්ට සියල්ල නැතිවෙන ලකුණු... බැසිල් විපක්‍ෂ නායකකමට!

අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් පත් කළහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගයට දැනට පවතින්නේ මන්ත්‍රී ආසන හතළිස් බැවින් පොදුජන පෙරමුණේ කණ්ඩායමට ඊට වඩා වැඩි මන්ත්‍රී නියෝජනයක් පෙන්වා විපක්ෂයේ වාඩි විය හැකි බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ වෙනුවට වෙනත් අගමැති වරයෙකු ඔහු පත්කිරීම මෙන්ම බැසිල් රාජපක්ෂ කණ්ඩායම විපක්ෂයේ වාඩි වීම යන කාරණා දෙකම විකෘතීන් බවත් පැවසූ ඔහු මෙම කණ්ඩායම් දෙකම නියෝජනය කරන්නේ එකම අරමුණක් බවත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad