අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ අන්තර්කාලීන ආණ්ඩුවකින් පමණයි…නව අමාත්‍ය මණ්ඩලය ”යන්නේ කොහොද, මල්ලේ පොල්”පිළිතුරක් – උදය ගම්මන්පිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 18, 2022

අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ අන්තර්කාලීන ආණ්ඩුවකින් පමණයි…නව අමාත්‍ය මණ්ඩලය ”යන්නේ කොහොද, මල්ලේ පොල්”පිළිතුරක් – උදය ගම්මන්පිල

නව අමාත්‍ය මණ්ඩලය “යන්නෙ කොහෙද, මල්ලෙ පොල්” වැනි පිළිතුරක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම අමාත්‍ය මණ්ඩලය ජනතාව මතු කර තියෙන ප්‍රශ්නයට පිළිතුරක් නොවන බව කී ගම්මන්පලි මහතා රටේ පවතින අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ මහානායක ස්වාමීන්වහන්සේලා, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු රටේ සෑම පැතිකඩකින්ම මේ වන විට අගය කර ඇති සර්ව පාක්‍ෂික අන්තර්කාලීන ආණ්ඩුවකින් පමණක් බව ද සඳහන් කළේය.

තාවකාලිකව මේ ආණ්ඩුව පවත්වාගෙන යෑම ගැටලුවක් නොවූවද වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක වන තෙක් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව ද වැඩි දුරටත් කීය.


No comments:

Post a Comment

Post Bottom Ad