රඹුක්කන ඝාතනයට වගකිවයුතු සියලුම දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් දෙනවා – සජිත් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 19, 2022

රඹුක්කන ඝාතනයට වගකිවයුතු සියලුම දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් දෙනවා – සජිත් (VIDEO)

රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් සහෝදරයා මිලේච්ඡ ලෙස ඝාතනය කොට ඇති බවත්, එම ඝාතනය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ත්‍රස්තවාදයට එම තරුණයා හසු වූ බවත් දරු දෙදෙනකුට පියෙක්, බිරිඳකට සැමියෙක් අහිමි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ මිලේච්ඡ ඝාතනය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද සඳහන් කළේය.

මේ ප්‍රහාරයෙන් ගම්‍යවන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ නීච නිහීන ස්වරූපය බව පැවසූ විපක්ෂ නායකතුමා එය රාජපක්ෂවරුන්ගේ සුපුරුදු පිළිවෙත බව ද පැවසීය.

මෙම ඝාතනයට වගකිවයුතු සියලුම දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් ඒ මහතා අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (19) රාත්‍රියේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad