මුදල් ඇමතිකම ගන්න සබ්රි බෑ කියයි... අලුත් මුදල් ඇමති මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 15, 2022

මුදල් ඇමතිකම ගන්න සබ්රි බෑ කියයි... අලුත් මුදල් ඇමති මෙන්න

හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාට නැවතත් මුදල් අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.

නමුත් සබ්රි මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සඳහන් කර ඇති තමන්ගේ පවුලේ අයගෙන් එල්ලවන දැඩි විරෝධය මධ්‍යයේ තමන්ට නැවතත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකි බවයි.

නමුත් තමන් ඉදිරියටත් ආණ්ඩුවට සහාය දෙන බවද හෙතෙම සදහන් කර තිබේ.

ජනාධීපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු මේ බව පවසා ඇත.

මේ අතර වාර්තා වන්නේ මුදල් අමාත්‍ය ධූරය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්කරනු ඇති බවයි.

ඉදිරියේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරන මෙරට නියෝජිත පිරිසේ ප්‍රධානිත්වය අග‍්‍රාමාත්‍යවරයා විසින් දරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad