ඉහලම තැනකදී හමුදාපතිට දැඩි චෝදනා! ඉල්ලා අස්වන්නැයි කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 15, 2022

ඉහලම තැනකදී හමුදාපතිට දැඩි චෝදනා! ඉල්ලා අස්වන්නැයි කියයි

පසුගියදා රට පුරා ඇති ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට හමුදාව මැදිහත්වීම නොවීම පිළිබඳව යුද හමුදාපතිවරයාට චෝදනා කළ යුතුයැයි අද පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී චෝදනා එල්ල වී ඇත. ජනාධිපතිවරයා සමඟ මෙම කච්ඡාව කොටුව ජනාධිපති මන්දිරයේදී පැවතුණේ ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රී කණ්ඩායම සමගයි.

එහිදී මෙම චෝදනාව එල්ල කර ඇත්තේ සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය විසිනි.

එහිදී අදහස් දක්වා ඇති රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාද කියා ඇත්තේ අදාල සිද්ධි දාමය පටන් ගත් අවස්ථා සිටම තමන් ජනාධිපතිතුමන් ළඟ සිටි බවත් ජනාධිපතිතුමා පොලිස්පති, හමුදාපතිට නියෝග දෙනවා තමන් දුටු නමුත් එම නියෝග ක්‍රියාත්මක වුණේ නැති බවත්ය.

ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් හමුදාපතිවරයා පොලිස්පතිවරයාට තම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව ද මන්ත්‍රී පිරිස සඳහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad