ඇලෝසියස් ණයගත් මෙන්ඩිස් දේපලටම නැවත ලංකා බැංකුවෙන් ණය අරන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 24, 2022

ඇලෝසියස් ණයගත් මෙන්ඩිස් දේපලටම නැවත ලංකා බැංකුවෙන් ණය අරන්!

බැඳුම්කර වංචාවට චූදිතයකු වූ අර්ජුන් ඇලෝසියස්ට අයත් සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ එකම දේපොළ රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා රුපියල් බිලියන 7ක පමණ මුදලක් (රුපියල් කෝටි 700ක්) ලබාගෙන ඇතැයි ඊයේ (24) රැස් වූ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුවේදී) අනාවරණ වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය කෙරුණේ ලංකා බැංකුවේ 2018 හා 2019 මුදල් වර්ෂ සඳහන් විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කෝප් කමිටුව ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීය.

එහි දී ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම 2021 වර්ෂය වන විට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඇපයට තබා ඇති දේපළ පිළිබඳව කෝප් සාමාජිකයන් විසින් විමසීම් කර ඇත.

මෙලෙස ලංකා බැංකුවට මෙන්ම මහජන බැංකුවටද අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙම එකම දේපළ ඇපයට තබා රුපියල් බිලියන 07ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බව එහි දී අනාවරණය වී ඇත.

මෙම අක්‍රමිකතාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කෝප් කමිටු සාමාජිකයන් මෙහි දී පෙන්වා දී ඇත.

ඉදිරියේ දී මෙම කරුණ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය බැංකු දෙකේම නිලධාරීන් කැඳවා වාර්තාවක් සකස් කර එම වාර්තාව සමගින් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපති චරිත හේරත් මෙහිදී ප්‍රකාශ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad