හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 24, 2022

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

හදිසි මැතිවරණයකට යෑමට සිදුවුවහොත් ඊට සාර්ථකව මුහුණ දීම සඳහා තම සංවිධාන ජාලය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ සමග සිටින දේශපාලන පක්ෂ සහ විරසක වී සිටින දේශපාලන පක්ෂ මෙන්ම අලුතින් පක්ෂ හා කණ්ඩායම් එක් කරගනිමින් ඒකාබද්ධ වූ පුලුල්  සැලැස්මකට අනුව මැතිවරණයට මුහුණ දෙන බව  හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව පොදු ජන පෙරමුණේ සිටින සහ ඒ යටතේ එකතු වීමට කැමති සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමග බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන්  ඉදිරියේ දී සාකච්ඡා පැවැත්වෙන බව ඉහත ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙහි ආරම්භක  පියවර ලෙස  මහජන එක්සත් පෙරමුණ සමග බැසිල් රාජපක්ෂ පසුගිය දා සාකච්ඡා පවත්වා තිබෙන අතර එහිදී දේශපාලන ගමන්මග මෙන්ම රට තුළ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිලිබඳ පුළුල් ලෙස සාකච්ඡා කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad