ජනාධිපතිගේ එක රටක් එක නීතියක් බළකායේ ප්‍රධානී ඥනසාර හිමියන්ට නඩුවක් වැටෙයි! නීතිපති දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 31, 2022

ජනාධිපතිගේ එක රටක් එක නීතියක් බළකායේ ප්‍රධානී ඥනසාර හිමියන්ට නඩුවක් වැටෙයි! නීතිපති දැනුම් දෙයි!

බොදු බාල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 291 A වගන්තිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව පොලීසියේ අපරාධ වැළැක්වීමේ අංශය විසින් ඊයේ (මැයි 31) කොළඹ කොටුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත දැනුම් දී තිබේ.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ආගමික හැඟීම්වලට හානිවන වචන භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබීම මේ සදහා හේතු වී ඇත.

ඥානසාර හිමියන් 2014 අප්‍රේල් 12 වැනි දින මාධ්‍ය වෙත කුරාණය පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයේ උද්ධෘත නීතිපති උපදෙස් සඳහා පසුව යොමු කර තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad