රැට්ටා අත්අඩංගුවට ගැනීමෙන් අරගලකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනා - අරගලකරුවන්ගෙන් නිවේදනයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 30, 2022

රැට්ටා අත්අඩංගුවට ගැනීමෙන් අරගලකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනා - අරගලකරුවන්ගෙන් නිවේදනයක්!

සර්වපාක්ෂික අරගලකරුවන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

රැට්ටා අත්අඩංගුවට ගැනීම හෙළා දකිමු

ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු මෙන්ම ගෝල්ෆේස් සාමකාමී ජන අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයෙකු වූ රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් ‘රැට්ටා’ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිසිදු සාධාරණ හේතුවකින් තොරව සිදු කර ඇති මෙම අනීතික අත්අඩංගුවට ගැනීම සර්වපාක්ෂික අරගලකරුවෝ ලෙස ඉතා ⁣දැඩි ලෙස හෙළා දකිමු.

ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් නිර්ලජ්ජිත ලෙස සාමකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමේ සහ දඩයම් කිරීමේ නින්දිත ක්‍රියාවලියක් ආරම්භ කොට ඇති බව මෙමගින් පෙනී යන බව අපගේ හැඟීමයි.

එහි සංකේතයක් ලෙස රැට්ටා අත්අඩංගුවට ගෙන තිබීම හරහා ඔහුගේ මෙන්ම මෙරට සියලු සාමකාමී අරගලකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව අපගේ විශ්වාසයයි.

එමනිසා මෙම අනීතික ක්‍රියාව වහාම නවතා රැට්ටා හෙවත් රතිඳු සුරම්‍ය සේනාරත්න වහාම නිදහස් කරන ලෙස බල කර ඉල්ලා සිටිමු.

– සර්වපාක්ෂික අරගලකරුවෝ


No comments:

Post a Comment

Post Bottom Ad