සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ තවත් මාසයක් හෝ දෙකක් යනවිට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුවනු ඇති බවත් නැතහොත් ඔහු එයින් ඉවත් කරනු ඇති බවත්ය.
ඔහුගේ ඉවත් වීමෙන් පසුව ජී.එල්. පීරිස් වැනි පුද්ගලයෙක් අගමැති ධුරයට පත් වනු ඇති බවත් ඇය අවධාරණය කරන්නීය.
” රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයට පත්කර ඇත්තේ රටේ පැවති අස්ථාවර තත්ත්වය සහ රාජපක්ෂවරුනට ඇතිව තිබෙන අනාරක්ෂිත තත්ත්වය සමනය වන තුරු පමණයි.රනිල් වික්රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාර ගත්තද කිසිම විදේශ රාජ්‍ය නායකයෙක් ඔහුට සුබ පතා නැහැ. මහජන ඡන්දයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පත් වුණු කිසිම රාජ්‍ය නායකයකුට විදේශ රාජ නායකයන් මෙතෙක් සුබපතා නැහැ.” ඇය කියා සිටියාය.
No comments:
Post a Comment