පාදෙණිය GMOA සභාපතිකමෙන් එලවා දෙන්නැයි නවීන් සොයිසා ඉල්ලලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 27, 2021

පාදෙණිය GMOA සභාපතිකමෙන් එලවා දෙන්නැයි නවීන් සොයිසා ඉල්ලලා!

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් කර දෙන්නැයි එම සංගමය ලේකම්වරයෙකු වූ නවීන් සිල්වා මහතා ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ එම ඉල්ලීම පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් සිදු කරන හඬපටයක් තමන් සතුව ඇති බවයි.

නමුත් සදාචාරාත්මක තත්ත්වය මත ඒවා හෙළිදරව් නොකරන නමුත් ඒ ගැන අභියෝග කරන්නේ නම් හෙළිදරව් කිරීමට මැළි නොවන බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ අදහස් පළ කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad