ගෝඨාභයට ඉල්ලා අස්වන්න කියන මතයට එකඟයි… නමුත් එය වෙන්නෙ නෑ… රනිල් බීබීසියට කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 13, 2022

ගෝඨාභයට ඉල්ලා අස්වන්න කියන මතයට එකඟයි… නමුත් එය වෙන්නෙ නෑ… රනිල් බීබීසියට කියයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිටින විරෝධතාකරුවන්ගේ හැඟීම් සමග තමා එකඟවන නමුත්, එය සිදුනොවන්නක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ  ඊයේ වැඩ භාර ගැනීමෙන් පසු BBCය සමග සිදුකළ ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාවට  එක් වෙමිනි.

වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්‍ෂා කරනවාක් මෙන්, ශ්‍රී ලංකාවේ ගිණුම් පරීක්ෂා කිරීමට ද කාලය අවශ්‍ය බව කියන අගමැතිවරයා

“මට  ඒ සම්බන්ධයෙන් ඇගයුමක් සිදුකිරීමට අවශ්‍ය යි, මම ඔබට සතියකින් නිශ්චිත පිළිතුරක්  දෙන්නම්,” යැයි ප්‍රකාශ කළේය.

“කාටවත් දොස්කීමෙන් කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ, මම මේ තනතුරට ආවේ මිනිස්සුන්ට ආහාර සපයන ආකාරය ගැන වගබලා ගන්න,” ඔහු කියා සිටියේ ය.

“සැබෑ ආර්ථිකය දැන් අක්‍රීය යි. ඒක බිඳවැටිලා.”

ඔහු ශ්‍රී ලාංකික ජනතාවට දෙන පණිවිඩය වන්නේ, “ඉවසන්න, මම නැතිවුණු  දේවල් ආපහු ගෙන එන්නම්,” යන්න යි.


No comments:

Post a Comment

Post Bottom Ad