ගෝඨා මෝඩිට කතාකරලා ගත්ත ඩොලර් මිලියන 500 ණය මුදල ගන්න රනිල්-සාගල-රුවන්-අකිල සූට්බූට් ගහගෙන යයි! ආණ්ඩුව ඇතුළේ මහා විහිලුවක් වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 11, 2022

ගෝඨා මෝඩිට කතාකරලා ගත්ත ඩොලර් මිලියන 500 ණය මුදල ගන්න රනිල්-සාගල-රුවන්-අකිල සූට්බූට් ගහගෙන යයි! ආණ්ඩුව ඇතුළේ මහා විහිලුවක් වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව ඉන්දියාව තවත් ඩොලර් මිලියන 500කින් සිය ණය පහසුකම දීර්ඝ කිරීමට පසුගියදා පියවර ගත්තේය.

මෙම ණය මුදලින් ලංකාවට ‌පොහොර ලබා දීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් මෙම ණය මුදලට අදාළ ගිවිසුම අස්සන් කිරීමට ඊයේ දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන්ද සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

මෙම සිදුවීම ‌මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මහත් විහිලුවක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනා සදහන් කර සිටින්නේ වික්‍රමසිංහ මහතා අනුන්ගේ දරුවන්ට මේ වනවිට උප්පැන්න සහතික ලියමින් සිටින බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad