දිනකට කෑම දෙවේලක් පමණයි... අර්බුදය දරුණුයි - අගමැති රටටම දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 3, 2022

දිනකට කෑම දෙවේලක් පමණයි... අර්බුදය දරුණුයි - අගමැති රටටම දැනුම් දෙයි

ඉදිරියේදී මෙරට බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රුසියා යුක්‍රේනය යුද්ධය හේතුවෙන් මෙරට ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි බවද පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැති සමුළුවක් අමතමිනි.

ආර්ථික අර්බුදයේ බලපෑම තවමත් පටන් ගත්තා පමණක් යයිද පැවසූ ඔහු යුක්රේන රුසියා යුද්ධය සම්පූර්ණ බලපෑම මෙරටට තවමත් අත්විද නැති බවද එහිදී පැවසීය.

සැප්තැම්බර් මාසයේදි ආහාර හිගයක් ඇතිවන බවත් ශ්‍රී ලංකාවට එහෙම බලපෑම 2024 දක්වා පවතින ඇති බව හෙතෙම සඳහන් කළේය.

ගෝලීය ආහාර අර්බුදය අමතරව මෙරට යල සහ මහ කන්න වල භෝග වගා කිරීමට අපොහොසත් වී ඇති බවත් එනිසා මෙරට ජනතාවට දිනකට පමණක් අනුභව කරන්නට සිදුවනු ඇති බවත් එගමැතිවරයා එහිදී තව දුරටත් පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad