බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 7, 2022

බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා. ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය ලබාදීමෙන් පසු ඔවුන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ. 

කෙසේවෙතත් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවදුරටත් දේශපාලන කටයුතු සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද අනාවරණ වුණා.


No comments:

Post a Comment

Post Bottom Ad