මහින්ද පන්නා රනිල් අගමැතිකිරීම පසුපස සීඅයිඒ සහ රෝ ඔත්තු සේවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 5, 2022

මහින්ද පන්නා රනිල් අගමැතිකිරීම පසුපස සීඅයිඒ සහ රෝ ඔත්තු සේවා..

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය අහිමිකොට රටේ පාලන තන්ත්‍රය අවුල් කිරීම පිටුපස ඉන්දියානු රෝ ඔත්තු සේවයේ සහ ඇමරිකානු සීඅයිඒ ඔත්තු සේවයේ අවශ්‍යතාවයට අනුව බැසිල් රාජපක්ෂ මහතා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීම ඉන්දියානු රෝ ඔත්තු සේවයේ සහ ඇමරිකානු සී.අයි.ඒ ඔත්තු සේවයේ මෙහෙයුමක් බව කුමාර් ගුණරත්නම් මහතා පෙන්වා දෙයි.

මේ වන විට රටේ ජනතාව පාර්ලිමේන්තු නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන බව පෙන්වා දෙන ගුණරත්න මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ මර්ධනය හමුවේ වුවද පාර්ලිමේන්තුවෙන් එපිට අරගලයක් තුළින් ඉදිරියේදී ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad