කොටුවේදී පැහැරගත් බව කී අරගලකරුවා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයට අරන් ගිහින්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 28, 2022

කොටුවේදී පැහැරගත් බව කී අරගලකරුවා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයට අරන් ගිහින්!

ඊයේ කොටුව ප්‍රදේශයේ විරෝධතාවකට සහභාගී වී නිවෙස බලා යමින් සිටි රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු කැදවුම්කරු වන වේරංග පුෂ්පික මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව විරෝධතා සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

අරගලකරුවන් චෝදනා කර සිටියේ බස් රථයක සිටි මෙම තරුණයාව සිවිල් පිට පැමිණි පුද්ගලයන් කිහිප දෙනකු විසින් පැහැරගෙන ගිය බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad