ජනපති මන්දිරය අනාරක්ෂිතයි! අලුත් ජනපතිට අලුත් තැනක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 16, 2022

ජනපති මන්දිරය අනාරක්ෂිතයි! අලුත් ජනපතිට අලුත් තැනක්!

ඉදිරියේදී පත්වන ජනාධිපතිවරුන්ට සිය නිල නිවස ලෙස කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරය භාවිතයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බව වාර්තා වනවා. ඒ අධි ආරක්ෂිත නිවස්නයක් වූ ජනාධිපති මන්දිරය තුළ පිහිටීම විදෙස් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ලෝකයටම විවර වීම හේතුවෙන්.

මේ නිසා ඉදිරියට පත්වන ජනාධිපතිවරුන්ටත් අනාරක්ෂිත ලෙස එහි රැඳී සිටීමට සිදුවන බව ආරක්ෂක බුද්ධි අංශ පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

හදිසි තත්ත්වයකදී ජනාධිපතිවරයා රැගෙන යාමට ඇති භූගත බංකරයද ඇතුළුව සියලුම කාමරවල පිහිටීමද ලෝකයටම දැනගන්නට ලැබීමෙන් මෙය අනාරක්ෂිත තැනක් බවට පත් වූ බව ආරක්ෂක ප්‍රධානීන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ හේතුවෙන් මීළඟට පත්වන ජනාධිපතිවරයකුට මෙහි රැඳී සිටීම තර්ජනයක් විය හැකි බව ආරක්ෂක අංශවල මතය වී තිබෙනවා.

මේ නිසා අලුතින් පත්වන ජනාධිපතිවරයකුට නවාතැන් ගැනීමට වෙනත් ආරක්ෂක නිවහනක් සොයා ගත යුතුව ඇති බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad