මිනිස්සු වැඩි මිලට තෙල් ගනිද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෙල් දීමනාව වැඩි කරගෙන! සමහරුන්ට ලක්ෂ දෙකකින් වැඩිවෙලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 30, 2022

මිනිස්සු වැඩි මිලට තෙල් ගනිද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෙල් දීමනාව වැඩි කරගෙන! සමහරුන්ට ලක්ෂ දෙකකින් වැඩිවෙලා!

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න   මුදලකින්  වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන්  සිය වැටුපට  මාසිකව බැර කෙරෙනු ඇත.

සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන  දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබාදී ඇත්තේ පැරැණි ඉන්ධන මිලට අනුව  ගැළපීමෙනි. වැඩි කෙරුණු ඉන්ධන මිල අනුව ගලපා  දීමනාව ගෙවීම ආර්ථික අර්බුදය හේතුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව පසුගිය කාලයේදී නතර කෙරිණ.

ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධනවල අලුත් මිල ගණන් අනුව ගලපා දීමනාව ගෙවන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඉන්ධන දීමනාව මෙසේ වැඩි කර ඇත්තේ එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදියට බව  ඒ  ආරංචිමාර්ග  වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්ධන ප්‍රශ්නය  හේතුවෙන් ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී පැමිණියේ ඉතාම අඩු වශයෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad