දැනට රට තුළ මතුව ඇති උග්‍ර ඉන්ධන හිගය නිමා කිරීම සදහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සපයා දිය යුතු බවත්, එසේ කළ නොහැකි නම් රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කොට පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයකු පත් කළ යුතු බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.
ඉකුත් දිනෙක ජනාධිපතිවරයා මුණගැසී ඇති මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායම පෙන්වා දී ඇත්තේ මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් සපයා නොදුනහොත් බලශක්ති අමාත්‍යවරයා වන කංචන විජේසේකර මහතා හට ඉන්ධන ආනයනය කිරීමට නොහැකි බවකි.
අගමැතිවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍ය ධූරය බාරගත්තද මේ වනතෙක් එකදු ඩොලරයක් හෝ ලංකාවට ගෙනැවිත් නොමැති බවද එම මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
එම නිසා ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට නොහැකි මුදල් අමාත්‍යවරයකු තනතුරේ තබා ගෙන පලක් නොමැති බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායම වික්‍රමසිංහ මහතාට අගමැති ධූරයේ පමණක් කටයුතු කිරීමට ඉඩ සලසා වෙනත් සුදුස්සකු පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
එමෙන්ම වික්‍රමසිංහ මහතා මේ වනවිට ජනාධිපති සිහිනයෙන් පසුවන බව පෙන්වා දී ඇති මෙම මන්ත්‍රීවරු ඒ හේතුවෙන් රටේ ප්‍රශ්න විසදීමට වඩා හෙතෙම තමන්ටත්, පක්ෂයටත් වාසිවන ආකාරයට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
මීට අමතරව අද පැවැත්වීමට නියමිත ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මේ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම යම් හෙයකින් අද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුවහොත් ඔහුගෙන්ද ඩොලර් අර්බූදය පිළිබද ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

No comments:
Post a Comment