රන්ජන් නිදහස් කරන්න සියළු ලේඛණ සූදානම්! ජනපති අත්සනින් රන්ජන් එලියේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 28, 2022

රන්ජන් නිදහස් කරන්න සියළු ලේඛණ සූදානම්! ජනපති අත්සනින් රන්ජන් එලියේ!

දැනට සිර දඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමට අදාළ වන ලිපි ලේඛන සියල්ල සකසා අවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එම ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය තිබෙන බව කී අමාත්‍යවරයා එය ලැබුණු සැනින් ජනාධිපතිවරයා විසින් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.

ඒ අනුව නුදුරු දින කිහිපයක් තුළදී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස හිමි වනු ඇති බවද හෙතෙම තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad