22ට 2/3 අහිමි වේ! මන්ත‍්‍රීවරුන් 80කගෙන් ජනපතිට පෙත්සමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 21, 2022

22ට 2/3 අහිමි වේ! මන්ත‍්‍රීවරුන් 80කගෙන් ජනපතිට පෙත්සමක්!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් න්ත්‍රීවරුන් අසූ දෙනෙකුට ආසන්න පිරිසක් ජනාධිපතිවරයාට පෙත්සමක් භාර දීමට කටයුතු කරගෙන යයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්ති සංශෝධනය නොකළහොත් එකී පනත් කෙටුම්පත පිළිබඳ පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගි නොවන බවට ඔවුන් මෙමගින් දැනුම් දීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මෙන්ම ස්වාධීන මන්ත්‍රිවරු පිරිසක්ද මෙම පෙත්සම කිරීමේ කටයුත්තේ නිරත වී සිටී.

ඔවුන් ඉල්ලා සිටින්නේ දැනට පවතින ව්‍යවස්ථාවේ තිබෙන වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාරක් දක්වා වෙනස් කළ යුතු බවයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත ව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad