නව පාර්ලිමේන්තු සැසියේ පිල් මාරු 30ක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 2, 2022

නව පාර්ලිමේන්තු සැසියේ පිල් මාරු 30ක්…

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තිහකකට ආසන්න පිරිසක් පිල් මාරු කිරීමට සූදානමක සිටින බව වාර්තාවෙයි.

විපක්ෂයේ සිටින පිරිසක් ආණ්ඩුවට සහයෝගය දීමටත් ආණ්ඩුව නියෝජනය කරන පිරිසක් විපක්ෂයට එක් වීමටත් නියමිතව තිබේ.

දැනට විපක්ෂයේ සිට සුළු පක්ෂ කිහිපයක් ආණ්ඩුවට එක්වනු ඇති අතර තවත් මන්ත්‍රීවරුන් තනි තනිව තීරණය කරමින් ආණ්ඩුවට එක්වීමට සූදානමක සිටී.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් නිල වශයෙන් විපක්ෂයට එක්වීමට නියමිතව ඇති අතර නව පාර්ලිමේන්තු සැසියේදී ඔවුන් ඒ බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad