සාමකාමී මහජන අරගලයට මැර ප්‍රහාර එල්ල කිරීම මෙහෙය වූ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් පළවා හැරීමෙන් පසුව පාර්ලිමේන්තු පැමිණීම සඳහා රුපියල් ලක්ෂ 08කට අධික ගුවන් ගමන් වියදමක් එක් දිනකදී දරා ඇත.
තොරතුරු දැන ගැනීමේ පනත අනුව අද පුවත්පතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තොරතුරු ලබාදී තිබේ. පසුගිය මැයි මස 18 වෙනි දින ත්‍රිකුණාමලයේ සිට පාර්ලිමේන්තු පැමිණීම සඳහා ගුවන් හමුදාවට රුපියල් 803,605/-ක මුදලක් ගෙවා ඇත. එහි මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් මගින් ගෙවා ඇති බවද වැඩි දුරටත් දන්වා තිබේ.
එම ගමන් වාරය වෙනුවෙන් හෙළිකොප්ටර් යානයක ඉන්ධන ලීටර් 875ක් වැය වී ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් 318,500/-ක් වැය කර තිබේ. අනෙකුත් නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් 484,005/- ක් මෙන්ම ගොඩ බෑමේ ගාස්තු ලෙස රුපියල් 1,100/-ක් වශයෙන් වැය කර ඇති බවට තොරතුරු ලබාදී ඇත.

උපුටා ගැනීම : lankatruth

No comments:
Post a Comment