කංචනගේ අභියෝගය පාඨලී භාර ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 29, 2022

කංචනගේ අභියෝගය පාඨලී භාර ගනී!

මේ වනවිට කතාබහට ලක්ව ඇති ඉන්ධන ආනයන ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව නව පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

එහිදී එම කාරක සභාව පිහිටුවා එහි සභාපතිත්වය විපක්ෂයට ලබාදිය යුතු බව ජනාධිපතිවරයා හා සාකච්ජා කල බවත් ඒ අනුව මෙම ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව දිගින් දිගටම දැනුවත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එහි සභාපතිත්වයට පත්කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළා.

ඒ අනුව ඉන්ධන ආනයනයේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව අධික්ෂණය සිදු කිරීම සඳහා නිර්මාණය කරනු ලබන එම නව කාරක සභාවේ සභාපතීත්වය දරමින් එය මෙහෙය වීමට පාඨලී චම්පික රණවක මහතා කැමැත්ත පළකරනු ලැබුවා.

එමෙන්ම ඒ මහතා කංචන විජේසේකර මහතා අමතා වැඩිදුරටත් පවසා සිටියේ මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොව විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad