ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැන විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 2, 2022

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැන විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් කරයි!

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් නෙරපා හැරීමට තීරණය කොට ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවන්හි පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනය කොට ඇත.

එම කතාව කිසියම් පිරිසන් විසින් ගොතන ලද එකක් බවත්, මෙය සමගි ජන බලවේගය තුළ ගැටුම් ඇති බවට පෙන්වීම සදහා යම් පිරිසක් විසින් ආරම්භ කොට ඇති මාධ්‍ය මෙහෙයුමේ තවත් කොටසක් බවත් ඒ මහතා පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම පුවත පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවද ඒ මහතා සදහන් කොට තිබේ.

වසර 30ක් පුරා පැවැති ‌යුද්ධය අවසන් කිරීමට හමුදාමය නායකත්වය දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයට ශක්තියක් බවත්, සමාජ මාධ්‍ය තුළ පළව ඇති මෙම අසත්‍ය පුවත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත.
-mawratanews

No comments:

Post a Comment

Post Bottom Ad