සති දෙකකට පත් කළ ඇමැති මණ්ඩලය දිගටම ගෙනියන්න රනිල් තීන්දු කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 1, 2022

සති දෙකකට පත් කළ ඇමැති මණ්ඩලය දිගටම ගෙනියන්න රනිල් තීන්දු කරයි!

දැනට පත් කොට සිටින ඇමැති මණ්ඩලය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ. මීට පෙර ප්‍රකාශ වී තිබුණේ ඇමැති මණ්ඩලය දිවුරුම් දෙද්දී එය සති 2කට පමණක් සීමා වනු ඇති බවත්, වෙනත් පක්ෂවල නියෝජිතයන්ද ඇමැති මණ්ඩලයට ඇතුළත් වනු ඇති බවත්ය.

ඒ අනුව ජනාධිපතිවරයා සැලසුම් කර තිබුණේ සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය දෙකඩ කර මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගෙන ඔවුන්ටද කැබිනට් ඇමැතිකම් ලබා දීමටය.

නමුත් මසකට අධික කාලයක් උත්සාහ දැරූවද ජනාධිපතිවරයාට එම පක්ෂ දෙකෙන් මන්ත්‍රීවරු කඩා ගැනීමට නොහැකි වී තිබිණ.

එසේවුවත් තවදුරටත් එම උත්සාහය ක්‍රියාත්මක කිරීමට කල් ගැනීම සදහා ජනාධිපතිවරයා මෙසේ පවතින කැබිනට් මණ්ඩලයම තවදුරටත් ඉදිරියට රැගෙන යාමට තීන්දු කොට ඇති බව වාර්තා වේ.

IMF ප්‍රධානියාද ඊයේ දින අවධාරණය කොට තිබුණේ ජනවරමක් පවතින ආණ්ඩුවකට පමණක් මෙම දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම කළ හැකි බවත්, අරමුදලේ මුදල් ලබා ගැනීමට නම් එම දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතු බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad