නාමල්ට යලිත් ක‍්‍රීඩා ඇමතිකම ගන්නැයි ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 29, 2022

නාමල්ට යලිත් ක‍්‍රීඩා ඇමතිකම ගන්නැයි ඉල්ලයි!

ක්‍රීඩා සංගම් නිලධාරීන් හිටපු ක්‍රීඩකයින් පුහුණු කරුවන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා මුණ ගැසී ඇති බව ක්‍රීඩා ක්ශේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම නිලධාරීන් හිටපු ක්‍රීඩකයින් සහ පුහුකරුවන් නාමල් රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ මේ වනවිට අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රීඩා පාලනය කිරීමට සූදානම් වන බවත් නිසි සැලසුම් හා අනාගත දැක්මක් නොමැති කමින් දැන් ශ්‍රීලංකාවේ ක්‍රීඩාවන් අයාලේ යන බවයි.

නිශ්චිත සැලසුමක් නොමැතිව කරන මේ කටයුතු නිසා ක්‍රීඩාවේ අනාගතය ඇත්තේ දැඩි අවධානමක බවත් ඔවුන් නාමල් රාජපක්ෂට පෙන්වා දෙන ලදී.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වහාම නාමල් රාජපක්ෂ මහතාට ලබා ගන්නා ලෙස එම නිලධාරීන්,හිටපු ක්‍රීඩකයින් හා පුහුණු කරුවන් ඉල්ලීමක් කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත්තේ ඇමතිකමක් ලබා ගැනීමට තමාගේ කැමැත්තක් නැති බවත් අවශ්‍යනම් අමාත්‍යාංශය භාරගෙන කටයුතු කිරීමට සූදානම් බවයි.

පසුගිය සතියේදී ක්‍රීඩා කර්මාන්ත වරාය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරුන් වෙනස් වන බවටද දේශපාලන ක්ශේත්‍රයේ කතා බහකට ලක්විය

– Repoter


No comments:

Post a Comment

Post Bottom Ad