මේ අවුරුද්ද ඉවරවෙනකම් IMF එක සත පහක් දෙන්නෙ නෑ - උදයංග කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 26, 2022

මේ අවුරුද්ද ඉවරවෙනකම් IMF එක සත පහක් දෙන්නෙ නෑ - උදයංග කියයි

මේ වසර අවසන්වන තෙක් IMF එක සතපහක්වත් නොදෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කියයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. 
එසේම රට තුළ යළිත් උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති වීම තුළින් රටට එන සංචාරකයින් අඩුවිය හැකි බවට ද ඔහු අනතුරු අඟවන අතර ඉදිරි මාස තුන හතරේදී සංචාරකයින් ගෙනැවිත් විදෙස් විනිමය උපයානොගත හොත් රටට අවශ්‍ය දේවල් ගැනීමට විශාල අභියෝගයකට මුහුණදීමට සිදුවන බවද ඔහු කියා සිටී.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන දේ තමයි රට තුළ සාමකාමී වාතාවරණයක් ගොඩනගවෙන එක. එතකොට නැවත උද්ඝෝෂණ ගෙනල්ලා ලෝකයට පෙන්නුවොතින් සාමය නැහැ රටේ. උද්ඝෝෂණ රැල්ලක් යනවා රටේ කියලා ලෝකෙට යැවුවොත් නැවත සංචාරකයෝ එන්නේ නැහැ. එතකොට මේ සංචාකරයන් එන කාලය තමයි එළඹෙන්නේ. මම ඉල්ලා සිටිනවා මේ උද්ඝෝෂණ රැල්ල ක්‍රියාත්මක කරන අය වගේම මහජනතාව තේරුම් ගන්නට ඕනේ, මේ අවුරුද්දේ මේ මාස තුන හතරේ සංචාරකයෝ ගෙනල්ලා රටට විදේශ විනිමය ගෙන ආවේ නැතිනම් අපිට ලොකු තර්ජනයක් වෙනවා. අපිට ඉදිරියට අවශ්‍ය දේවල් ගෙන්න ගන්න. මොකද IMF එක සතපහක් දෙන්නේ නැහැ මේ අවුරුද්ද ඉවරවෙනකම්."


No comments:

Post a Comment

Post Bottom Ad