ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් සහනයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 27, 2022

ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් සහනයක්!

ගුරුකන්ද නායක හිමි දේහය ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ඥානසාර හිමිට එරෙහිව පවරා තිබූ නඩුව අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි. 
මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ නායක හිමියන්ගේ ආදාහනය සම්බන්ධයෙන් මැදිහත් වීමෙන් අධිකරණ නියෝගයකට පටහැනිව කටයුතු කොට අධිකරණයට අපහාස කලේයැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්‍ට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්ත අද දින අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබුවා.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට පටහැනිව යමින් ගුරුකන්ද රජමහාවිහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර පරිශ්‍රය තුල ආදාහනය කලේයැයි චෝදනා කරමින් එකී නඩු කටයුත්ත පවරා තිබුනේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා විසින් වන අතර එම සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්දිරන් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින ලදී.

මුල් අවස්ථාවේදී මුලතිව් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන් ද වගඋත්තරකරුවන් කරනු ලැබුවද පසුව නඩුකටයුත්ත ඥානසාර හිමියන්ට එරෙහිව පමණක් පවත්වාගෙන යනු ලැබීය.

වගඋත්තරකාර ස්වාමීන්වහන්සේ වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න සමග අශාන් නානායක්කාර, ඉරේෂ් සෙනෙවිරත්න, සංජය මාරඹේ යන නීතීඥවරුන් නීතීඥ නිලූකා දිසානායකගේ උපදෙස් මත පෙනී සිටින ලදී.

– Repoter


No comments:

Post a Comment

Post Bottom Ad