වේදිකාවට නගින්නෙත් නෑ! කතා කරන්නෙත් නෑ! අළු මතින් නැගිටින පොහොට්ටුවේ රැස්වීම්වලට ප්‍රසන්න විරුද්ධ වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 31, 2022

වේදිකාවට නගින්නෙත් නෑ! කතා කරන්නෙත් නෑ! අළු මතින් නැගිටින පොහොට්ටුවේ රැස්වීම්වලට ප්‍රසන්න විරුද්ධ වෙයි!

පොහොට්ටු පක්ෂය විසින් පවත්වාගෙන යනු ලබන අළු මතින් නැගිටිමු රැස්වීම් මාලාවට තමන් විරුද්ධ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් ආරච්චිකට්ටුවේ සංවිධානය කරන ලද අළුමතින් නැගිටිමු රැස්වීමට තමන් සහභාගී වූ නමුත් එම රැස්වීම අමතා කතා කිරීම ඒ හේතුව මත ප්‍රතික්ෂේප කළ බව ඔහු වැඩි දුරටත් පැවසී ය.

තමන්ගේ විරෝධය තමන් නාමල් රාජපක්ෂ ඉදිරියේ ම තමන් සනත් නිශාන්තට ප්‍රකාශ කළ බවත් ඉදිරියේ දී අළුමතින් නැගිටිමු රැස්වීමේ මාලාවේ යම් වෙනසක් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා ඉගි කළේ ය.

දෙරණ 360 වැඩසටහනට සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කර සිටියේ ය.

අළුමතින් නැගිටිමු රැස්වීම් මාලාවට අමාත්‍යවරයා විරුද්ධ වන්නේ කවර හේතුවක් නිසා දැයි නිශ්චිතව සදහන් නොවීය. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැස්වීම් ගානේ රැගෙන යාම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට යම් විවේචනයක් ඇති බව ඔහුගේ ප්‍රකාශයන්ගෙන් ඒත්තු යයි.


No comments:

Post a Comment

Post Bottom Ad