පිල් මාරුවේ ඩීල් එකට එජාප ප්‍රබලයින් පිරිසක් කඩිමුඩියේ වැඩ! ලැයිස්තුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 31, 2022

පිල් මාරුවේ ඩීල් එකට එජාප ප්‍රබලයින් පිරිසක් කඩිමුඩියේ වැඩ! ලැයිස්තුව මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන සියලු පක්ෂ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරීන්ගේ කැමැත්ත මත ඔවුන් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගන්නා නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.  
හැකි ඉක්මනින් මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙසත් ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතු ආරම්භ කරන ලෙසත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන රැස්වීමකදීයි.  

දිනෙන් දින වෙනස් වන මෙරට දේශපාලන වාතාවරණය දෙස අවධානය යොමුකර ප්‍රධාන ධාරාවේ නියෝජිතයන් මෙන්ම ගම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සෑම පක්ෂයක්ම නියෝජනය කළ දේශපාලන ක්‍රියාකාරීන් පක්ෂයට එකතු කර ගැනීමේ වැඩකටයුතු ඒ අනුව කඩිනමින් ආරම්භ කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad