ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 30, 2022

ආණ්ඩුවේ ඡන්ද කල් දමන උප්පරවැට්ටියට විපක්ෂයේ ප්‍රබලයන් තුනක් අහුවෙයි! ජන්ද එපා කියලා කැම්පේන් එකක් පටන් අරන්! මෙහෙයුම පසුපස ප්‍රබල ව්‍යාපාරිකයෙක්!

විවිධ උපක්‍රම යොදාගනිමින් මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය අසීරු අතට පෙරළෙද්දී විපක්ෂයේ ප්‍රබල පුද්ගලයන් උපයෝගී කරගනිමින් එම වෑයම අලුත් වටයකින් ආරම්භ කිරීමට ආණ්ඩුවේ ප්‍රබලයන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. 
ඒ සදහා විපක්ෂයේ ප්‍රබලම පුද්ගලයන් තිදෙනකු උපයෝගී කර ගැනීමට ආණ්ඩුවේ පිරිස් කටයුතු කොට ඇති බවද වාර්තා වේ.

මෙම දේශපාලන ගනුදෙනුව පසුපස ආණ්ඩුවේ ප්‍රබලයන්ට සමීප දේශපාලන ඩීල්වලටම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සිටින බවද වාර්තා වී තිබේ.

ඒ අනුව විපක්ෂයේ මෙම ප්‍රබලයන් තිදෙනා පසුගිය දින කිහිපය පුරාම මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයන්ට සහාය දෙන ස්ථාවරයක පිහිටා මැතිවරණ අවශ්‍ය බවට හඩ නගන විපක්ෂයේ පිරිස්වල උද්යෝගය සහ ධෛර්යය හීන වන ආකාරයට අදහස් දක්වා ඇති බවක් වාර්තා වේ.

එහිදී මොවුන් තිදෙනා මැතිවරණ කල් දැමීමේ මෙහෙයුම පරාජය කිරීමට අධීකරණ ක්‍රියාමාර්ග ගන්නා පිරිස් සමග මෙන්ම ඊට එරෙහිව උද්ඝෝෂණ සැලසුම් කරමින් සිටින පිරිස් හමුවී ඒවා අඩපණ කරන ආකාරයෙන් සහ කඩාකප්පල් කරන ආකාරයෙන් අදහස් දක්වා ඇති බවට කසුකුසුවක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් තිබේ.

මේ පිළිබද විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කළ සොයා බැලීමකදී මේ තිදෙනා ‘ජන්දෙ කොහොමත් කල් දානවා… ඔය දේවල් කරලා වැඩක් නෑ…’ යනුවෙන් මෙම පාර්ශ්ව සමග අදහස් දක්වා ඇති බවක්ද අනාවරණය වී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad