ඩයනාගේ හම්බන්තොට ඩිස්නිලන්තය ඉවරයි! වොල්ට් ඩිස්නි සමාගමෙන් නිවේදනයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 31, 2022

ඩයනාගේ හම්බන්තොට ඩිස්නිලන්තය ඉවරයි! වොල්ට් ඩිස්නි සමාගමෙන් නිවේදනයක්!

ශ්‍රී ලංකාව තුළ ඩිස්නිලන්තයේ ඉදිකිරීම සඳහා මෙතෙක් අදහස් කර නැතැයි වෝල්ට් ඩිස්නි සමාගම සඳහන් කරයි.

ලංකාවේ ඔවුන්ගේ උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් එම සමාගමෙන් කර ඇති විමසීමට පතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ. 
දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ලබන මාසයේ අමෙරිකාවට යන බව සංචාරක රාජ්‍ය අැමතිනි ඩයනා ගමගේ මහත්මිය ප‍්‍රකාශ කර තිබින.

වෝල්ට් ඩිස්නි සමාගමේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 18 ක ආයෝජනයක් සඳහා මූලික සැලසුම් සාකච්ඡා කිරීමට රාජ්‍ය අමාත්‍යවරිය එසේ එක්සත් ජනපදයට යන බව ඇයගේ මාධ්‍ය අංශයෙන්ද නිවේදනය කර තිබින.

මත්තල ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයේ පවතින විශාල යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට මෙවැනි ආයෝජනයක් ප්‍රයෝජනවත් වනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ගමගේ මහත්මිය සදහන් කලාය.


No comments:

Post a Comment

Post Bottom Ad