අමාත්‍යාංශ කිහිපයක විෂයන් ජනපති මාරු කරයි – ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මකයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 27, 2022

අමාත්‍යාංශ කිහිපයක විෂයන් ජනපති මාරු කරයි – ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මකයි

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

අදාළ සංශෝධන අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. 
ආරක්‍ෂක සහ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍ය කීපයක විෂය පථ වෙනස් කරමිනුයි ඊයේ (26) රාත්‍රියේ එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ.

ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව සහ අනුබද්ධ ආයතන සහ රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ද තාක්‍ෂණ අමාතයංශය යටතට ද, කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ පැවති සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව කර්මාන්ත අමාත්‍යංශයට ද, එම ගැසට් නිවේදනයෙන් මාරුකර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad