ජගත් කුමාර 25ක් සමගින් විපක්‍ෂයට එක්වන බව කිරිඇල්ලට දැනුම් දීලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 25, 2022

ජගත් කුමාර 25ක් සමගින් විපක්‍ෂයට එක්වන බව කිරිඇල්ලට දැනුම් දීලා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇතුළු විසිපස් දෙනෙකු සමගි ජන බලවේගයට සහාය දීමට එක් වන බවට තමනට දුරකතනයෙන් දැනුම් දී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 
කිරිඇල්ල මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමන් කිසිසේත්ම එවන් සූදානමක නැති බවත් එවන් දුරකතන ඇමතුමක් කිරිඇල්ල මහතාට දී නැති බවත්ය.

ඊට ප‍්‍රතිකාර ලෙද කිරිඇල්ල මහතා පැවසුවේ ජගත් කුමාර මහතා යැයි පවසමින් තමන්ට දුරකථන ඇමතුමක් දී මේ බව ප්‍රකාශ කළ බවද දුරකථන ඇමතුම් දුන් පුද්ගලයා මන්ත්‍රීවරයා නොවිය හැකි බවත්ය.

කෙසේ වෙතත් ජගත් කුමාර මන්ත්‍රීවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නේ නම් තමන් පිළිගන්නා බවද කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad