“කොන්ද පණ නැති නායකයන් එක්ක අරගල කරන්න බැහැ” – ටිල්වින් සිල්වා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 4, 2022

“කොන්ද පණ නැති නායකයන් එක්ක අරගල කරන්න බැහැ” – ටිල්වින් සිල්වා

“සමහරු කියනවා අරගලයට ජාතික ජන බලවේගය ආවේ නැහැ කියලා. ඔව් අපි ආවේ නැහැ. අපිට කොන්ද පණ නැති අයත් එක්ක හිට ගන්න බැහැ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. 
සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබාගෙන තීන්දු ගත නොහැකි දේශපාලනඥයෙකු මෙන්ම පනතකට විරුද්ධව අත උස්සන්න හෝ පාර්ලිමේන්තුවේ හරි තීන්දුවක් ගන්න බැරි පුද්ගලයෙකු යැයි ටිල්වින් සිල්වා ප්‍රධාන ලේකම්වරයා චෝදනා කරයි.

එවැනි පුද්ගලයෙක් සමග හිටගෙන ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත හැකිදැයි ඔහු ප්‍රශ්න කරයි.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,

“සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්. කිසිම ප්‍රතිපත්තියක් නැහැ. පාර්ලිමේන්තු තීන්දුවක් ගන්න බැහැ. එහෙව් කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යමක් කරයි ද? පොදු සටනක් ආවම ඒකට ඔළුව දාලා ජනතා සටනේ නායකයා වෙන්න තමයි එයා දඟලන්නේ. ඒ ගොල්ලන්ට පාර කපන අයත් රටේ ඉන්නවානේ. ඒක තමයි ප්‍රශ්නේ. සමහරු කියනවා මේ අරගලයට ජාතික ජන බලවේගය ආවේ නැහැ කියලා. ඔව් අපි ගියේ නැහැ. ඒක පැහැදිලියි. මොකද අපි විශ්වාස කරනවා එවැනි කණ්ඩායමක් එක්ක අපිට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න බැහැ කියලා.”

අනුරාධා හේරත් – මව්බිම



No comments:

Post a Comment

Post Bottom Ad