පවිත‍්‍රා-එස්.එම්-ජීවන්-දුමින්ද- සීබී සහ සජබයෙන් එකකට හෝ දෙකකට කැබිනට් ඇමති ධූර! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 5, 2022

පවිත‍්‍රා-එස්.එම්-ජීවන්-දුමින්ද- සීබී සහ සජබයෙන් එකකට හෝ දෙකකට කැබිනට් ඇමති ධූර!

ඉදිරි සතියේ දී ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඬේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.පොහොට්ටු පක්ෂයේ පවිත‍්‍රා වන්නි ආරච්චි-එස්.එම්. චන්ද්‍රසේන-සීබී රත්නායක මෙන්ම ජීවන් තොණ්ඩමන් සහ දුමින්ද දිසානායක යන අය අළුතිත් පත්වීමට නියමිත කැබිනට් අමාත්‍යවරු අතර සිටින බව පුවත්පත පවසයි.

ඊට අමතරව සජබයෙන් තේරී පත් වූ එක් අයෙකු හෝ දෙදෙනෙකු ද අළුතින් පත්වීමට නියමිත අමාත්‍යවරු අතර සිටින බව පුවත්පත වාර්තා කරයි.



No comments:

Post a Comment

Post Bottom Ad