සනත් නිශාන්තගේ පුත්තලං කතාවට රාජ් සෝමදේවගෙන් ප‍්‍රහාරයක්... ඉතිහාසය මරලාලු (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 1, 2022

සනත් නිශාන්තගේ පුත්තලං කතාවට රාජ් සෝමදේවගෙන් ප‍්‍රහාරයක්... ඉතිහාසය මරලාලු (VIDEO)

ශ්‍රී ලාංකික ජාතිය ආරම්භ වූයේ විජය කුමරු පුත්තලමට පැමිණීමෙන් පසු කුවේණිය සමග එක්වීමෙන් යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් කළ ප්‍රකාශය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ගණයේ පුරාවිද්‍යා පර්යේෂකයෙකු හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ප්‍රතික්ෂේප කරයි.
ඔහු පෙන්වාදෙන්නේ එම දේශපාලනඥයාගේ දැනුම මත මෙම මෙම ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් තමන් පුදුම නොවන බවයි.
එකී දේශපාලඥයා එම ප්‍රකාශය කර ඇත්තේ පැරණි දැනුම මත පිහිටා බවත් පාසල් අධ්‍යාපනයෙන් පසු හදිසියකින් පොතක් පතක් නොකියවා ඇති බවත් ඔහුගේ දැනුම යාවත්කාලීන විය යුතු තත්ත්වයක් ඇතැයිද මහාචාර්යවරයා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පලකලේ එන්නෙත් ගුවන් විදුලිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad