උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව දෙයි – ඇලන් මැතිනියාරාමයට නියෝගයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 1, 2022

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව දෙයි – ඇලන් මැතිනියාරාමයට නියෝගයක්!

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රදේශවාසීන්ට පීඩා සිදුවන වන බවට සදහන් කරමින් අදාල ප්‍රදේශවාසීන් හා පරිසර යුක්ති කේන්ද්‍රය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ මහජන පීඩා නඩුකරයේ තීන්දුව ඔක්තෝබර් 31 දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. 
එම තීන්දුව මගින් අධිකරණය කියා සිටියේ ඉදිරිපත්ව ඇති කරුණු මගින් මහජන පීඩාවක් සිදුවන බවට තහවුරු වී ඇති බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී මහජන පීඩාවක් ඇති නොවන ආකාරයට ඒවා බාවිතා කළ යුතු බවට වගඋත්තරකරුවන්ට නියෝග කර සිටින බවයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අංක 06 අධිකරණ ශාලාවේදී කේමිය පෙරේරා අතිරේක විනිසුරුවරයා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad