ප‍්‍රියමාලි පරදන තවත් වංචනික මුල්‍ය සමාගමක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 4, 2022

ප‍්‍රියමාලි පරදන තවත් වංචනික මුල්‍ය සමාගමක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (VIDEO)

රට පුරා බරපතල ආන්දෝලනයකට තුඩු දුන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 35 වන මහලෙහි පවත්වාගෙන ගිය තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තියගේ Thico සමුහ ව්‍යාපාරයේ මුල්‍ය වංචාව පිළිබඳ උණුසුම මැකී යාමටත් පෙර තවත් එවැනිම සැක සහිත මූල්‍ය ආයතනයක් පිළිබඳ කරුණු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතියි. 
අදාළ මුල්‍ය සමාගම ලොව ප්‍රසිද්ධ බහුජාතික සමාගම් වල කොටස් ආයෝජනය කරන බව පවසා මෙරට ජනතාගෙන් මුදල් එක්රැස් කරන බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් අදාළ සමාගම මෙරට මහබැංකුව තුළ ලියාපදිංචි වී නොමැති බව ද අනාවරණය වී තිබේ.

මෙම සමාගම මෙරට ජනතාවගේ මුදල් එක්රැස් කිරීම සඳහා මෙරට වාණිජ බංකුවක ඇති ගිණුමක් යොදා ගන්න බවද හෙළිව ඇත.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් අල්ලස දුෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ජාතික සංවිධායක කමන්ත තුෂාර විසින් කරුණු හෙළිකර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad