හාමුදුරුවො හොර හැත්තක්! ඕකුන්ට දානෙ දෙන්න එපා! කොහෙද යන ‘……යො’ ටිකක්! - පබිලිස්ගේ පුතා ඇතුළු ලංකාවෙ ප්‍රසිද්ධ කෝකියෝ තුන්දෙනෙක් ගෝල්ෆේස් එකේ හැසිරුණු විදිහ! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 9, 2022

හාමුදුරුවො හොර හැත්තක්! ඕකුන්ට දානෙ දෙන්න එපා! කොහෙද යන ‘……යො’ ටිකක්! - පබිලිස්ගේ පුතා ඇතුළු ලංකාවෙ ප්‍රසිද්ධ කෝකියෝ තුන්දෙනෙක් ගෝල්ෆේස් එකේ හැසිරුණු විදිහ! (VIDEO)

ආණ්ඩුවට එරෙහිව මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී ඊයේ (9) පස්වරුවේ පැවැති සැමරුව සහ නිහඬ විරෝධතාවට කෝකියන් කිහිපදෙනකු බාධා කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය. 
අරගලකරුවන් සිහිකිරීමෙන් පසුව විරෝධතා රැළිය ආරම්භ වීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර පොලිසිය විශාල පිරිසක් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඉවත්කිරීමට කටයුතු කළහ.

මෙහිදී සූපවේදීන්ගේ ඇදුමෙන් සැරසී සිටි හෝටල් හිමියන් යැයි කියන පිරිසක් විරෝධතාවට එරෙහි වීමත් සමඟ නැවතත් උණුසුම් තත්වයක් ඇතිවිය.  එහි ප්‍රකට පබිලිස් සිල්වා මහතාගේ පුතාද සිටිනු දැකගන්නට ලැබිණ.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විරෝධතා ප්‍රකාශ කර සමරු ගීත ගායනා කිරීමෙන් පසුව ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්ව ගියහ.


No comments:

Post a Comment

Post Bottom Ad