ඉදිරියේදී පැය දහයකට අධික විදුලි කප්පාදුවක් ?
දිනකට පැය දහයකට වඩා විදුලි කප්පාදුවක් සහිත දැඩි විදුලි අර්බුදයක් ලග ලගම පැමිණෙන බව විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග කියා සිටියි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පාලන අධිකාරිය කියා සිටින්නේ ඒහ බලාගාරය සදහා අවශ්‍ය ගල් අඟුරු සැපයීම මේ වන විට අර්බුදකාරී තත්ත්වයක පවතින බවයි .ලබන මස 06 වැනිදා දක්වා පමණක් බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් හැත්තෑ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බලාගාරයේ සතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
නමුත් ඉදිරි දින කිහිපය තුළ බලාගාරය පවත්වාගෙන යාමට හැකියාව පැවතිය ද ඉන් ඉදිරියට අවශ්‍ය ගල් අඟුරු සැපයීමට නොහැකි වුවොත් කිසිම ආකාරයකින් බලාගාරය පවත්වා ගැන්මට නොහැකි වනු ඇති බවද ඔවුන් පවසයි.
දැනට බලාගාරයේ සතු දෙවන යන්ත්‍රය පසුගිය විසි දෙවැනි දා සිට පද්ධතියෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.
Monday, December 26, 2022
ඉදිරියේදී පැය දහයකට අධික විදුලි කප්පාදුවක් ?
Tags
# ඕපදූප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපදූප
Labels:
ඕපදූප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment